Gossips

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඉහළට

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පසුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේදී සියයට 0.7 ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.
එම දර්ශකය ජනවාරි මාසයේ සටහන්වූයේ 54.4 ක් ලෙසයි.
මෙම දර්ශකය ඉහළ යාමට හේතුවී ඇත්තේ නිමි ඇඳුම් නිෂ්පාදන අංශයේ රැකියා පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් සිදු කිරීම සහ නිෂ්පාදන වර්ධනයයි.
කෙසේ වෙතත් එළඹෙන උත්සව සමය අවසන්වීමත් සමඟ යලි මෙම දර්ශකයේ වර්ධනය මන්දගාමී වනු ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.