Gossips

මහවැව බස් රථයේ අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවට සැකයක්

හලාවත – මහවැව ප්‍රදේශයේදී පුද්ගලයන් හතරදෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුරට හේතුව බස් රථයේ රියදුරුට නින්දයාම බවට පොලීසිය සැක පළ කරනවා.
අනතුරින් තුවාල ලැබූ 22 කු මේ වනවිට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, බස් රථයේ රියදුරාද ඒ අතර වන බවයි රෝහල් පොලීසිය සඳහන් කළේ.
අද උදෑසන වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා. අනතුරෙන් බස් රථයට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා.