Gossips

සිමෙන්ති මිල ඉහළට

වෙළදපොළේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බවට වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා.
සිමෙන්ති මිල වැඩිකිරීම සඳහා සමාගම් කළ ඉල්ලීමකට අනුව මෙලෙස මිල වැඩි කර ඇති අතර, ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095 ක් දක්වා ඉහළ යනු ඇති.
ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම සහ නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම මෙලෙස සිමෙන්ති මිල ඉහළ දැමීමට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ.