Gossips

ට්‍රම්ප්ගෙන් යුරෝපා රටවලට දැනුම්දීමක්

සිරියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ 800 කට ආසන්න අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව ඒ ඒ රටවලදී නඩු පවරන ලෙසට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපා රටවලට ප්‍රකාශ කර තිබෙනවා.
විශේෂයෙන් බ්‍රිතාන්‍ය, ප්‍රංශය සහ ජර්මනිය වැනි රටවලට ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම සටන්කාමීන් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගවලදී ඇමරිකාව තනිව වියදමක් දැරීමට අවශ්‍ය නොවන බවයි.
එම රටවල් එලෙස කටයුතු නොකරන්නේ නම් දැනට අත්අඩංගුවේ පසුවන අයි.එස්. සටන්කාමීන් නිදහස් කිරීමට සිදුවන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
අයි.එස්. සටන්කාමීන්ට එරෙහිව සිරියාවේදී දියත් කරන සටන මේ වනවිට පවතින්නේ අවසන් අදියරයේයි.