Gossips

හම්බන්තොට වරායෙන් රු. බි. 13.3ක ලාභයක්

හම්බන්තොට වරාය චීනය වෙත බදු දීමේ ප්‍රතිලාභය ද සමඟ ගත වූ 2017 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3ක වාර්තාගත ලාභයක් හිමි කර ගෙන තිබෙනවා.
වරායේ ප්‍රතිඅපනයන කටයුතු කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, පිරිවැය ද සියයට 8.6කින් අඩු කිරීමට හැකි වී ඇති බවයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කළේ.
2010 වසරේදී රුපියල් මිලියන දහසක පාඩුවක් ලැබූ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2017 වසරේදී රුපියල් මිලියන 45,608ක ආදායමක් මත වාර්තා කර ඇති ලාභය රුපියල් මිලියන 13,324ක්.