Gossips

ශ්‍රී ලන්කන් ගුවන් වාර 4 ක් හෙට (28) දිනයේදී අවලංගු කෙරේ

ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවයේ ගුවන් යානා ප්‍රමාදය තවමත් අවසන් වී නැහැ.
ගුවන් සේවා වෙබ් අඩවිය සඳහන් කරන පරිදි අද (27) දිනයේදී ගුවන් ගමන් 8 ක ප්‍රමාදයන් සිදුවන අතර,වැඩිම කාලයක් එනම් පැය 4 යි විනාඩි 10 ක් ප්‍රමාදය බලපාන්නේ යූ.එල්. 402 දරණ බැංකොක් වෙත යාමට නියමිත ගුවන් යානයයි.
මීට අමතරව බැංගලෝරය බලා ගමන් ගන්නා යූ එල් 173 යානය පැය 3 යි විනාඩි 30 ක් ද, චීනයේ ගුවන්ෂු වෙත ගමන් කරන යූ.එල්.880 යානය පැය 3 යි විනාඩි 35 කින් ප්‍රමාද වනු ඇති.
චෙන්නායි, විශාකාපට්නම්, සහ ත්‍රිවෙන්ඩ‍්‍රම් වෙත ශ්‍රී ලංකන් ගුවන් ගමන් පැය එකහමාරකින් පමණ පමා වනු ඇති බවයි ගුවන් සේවය ප්‍රකාශ කළේ.
එමෙන්ම, හෙටට නියමිතව තිබූ ෂී සෙල්ස් සහ මුම්බායි අතර ගුවන් ගමන් 4 ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ නමුත් මුම්බායි ගුවන් මගීන් වෙනත් යානයක් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කළා.