Gossips

ඉදිරි පැය 6 ගැන කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

දිවයිනේ සබරගමුව, දකුණු, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඉදිරි පැය 6ක කාලය තුළ ප්‍රබල අකුණු සමඟ වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි සමඟ පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා වූ තද සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකියි.
ගිඟුරුම් සහිත අකුණු පවතින අවස්ථාවල ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.