Gossips

දහස ඉල්ලා වතු කම්කරුවන් අදත් විරෝධතාවක (ඡායාරූප)

තම මූලික වැටුප රුපියල් 1000ක් දක්වා ඉහළ දමන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් පිරිසක් අද (17) හැටන් නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා.
දහසේ ව්‍යාපාරය සංවිධාන කළ මෙහිදී කළු කොඩි ඔසවමින් වතු කම්කරුවන් සිය විරෝධතාව දැක්වූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.
රජය අයවැයෙන් රුපියල් 50ක දීමනාවක් ලබාදෙන බව පවසා වතු කම්කරුවන් මුලා කරමින් සිටින බවටයි දහසේ ව්‍යාපාරය චෝදනා කළේ.

ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ