Gossips

ශ්‍රී ලංකා පිතිකරුවෙකු විදෙස් රටකදී ක්‍රීඩා හොඳම ටෙස්ට් ඉනිම මෙයයි – දකුණු අප්‍රිකානුවන් පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායමට ලොව නන් දෙසින් සුබ පැතුම් ගලා එයි (ඡායාරූප)

ඊයේ ලද ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම් එක්කරන්නට බොහෝ දෙනෙකු අමතක කර තිබුනේ නැහැ.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට තම සුබ පැතුම් එක්කර තිබුණා.
කුමාර් සංගක්කාර එහි සඳහන් කර තිබුණේ කුසල් ජනිත්ගේ විශිෂ්ඨ ඉනිම ශ්‍රී ලංකා පිතිකරුවෙකු විදෙස් රටකදී ටෙස්ට් තරඟයක වාර්තා කළ සාර්ථකම හඹා යාම ලෙසයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් සහ හිටපු ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, රංගන හේරත්, ෆර්විස් මහරූෆ් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙලෙස සුබපැතුම් එක්කළ සෙසු ක්‍රීඩකයින්.
මේ අතර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සහ එංගලන්ත හිටපු නායක මයිකල් වෝන් සිය නිල ට්විටර් ගිණුම් ඔස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබුණා.