Gossips

සෞදියේ සල්මාන් කුමරු අද පාකිස්ථානයට පැමිණෙයි

සිය ආසියානු චාරිකාව ආරම්භ කරමින් සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු අද පාකිස්ථානයට පැමිණෙනවා.
එහිදී ඔහු පාකිස්ථානයේ දැවැන්ත ආයෝජන ව්‍යාපෘති රැසක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමටද නියමිතයි.
ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම සමඟ මතභේදයට ලක්වූ සල්මාන් කුමරු මෙලෙස පාකිස්ථානයට පැමිණෙන්නේ ඉන්දු – පාකිස්ථාන සබඳතා දැඩි උනුසුම් මුහුණුවරක් ගෙන ඇති අවස්ථාවකයි.
කෙසේ නමුත් පාකිස්ථාන සංචාරයෙන් පසු මොහොමඩ් බින් සල්මාන් කුමරු ඉන්දියාවට පැමිණීමට නියමිත අතර, සිය චාරිකාව නිමා කරන්නේ චීනයෙන්.