Gossips

පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රිවරුන්ගේ තැපැල් දීමනා ඉහළ නංවයි

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ පළාත් සභා මන්ත්‍රිවරුන් සඳහා ලබාදෙන නිදහස් තැපැල් පහසුකම්වලට අදාළ මුද්දර වටිනාකම දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති අතර, එය පසුගිය වසරේ ජනවාරි 16 වනදා සිට ක්‍රියාත්මකයි.
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් නිකුත් කර ඇති එමඟින් දක්වා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව වසරකට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසේ සිට රුපියල් 350,000 දක්වා ඉහළ දමා ඇති බවයි.
වසරකට රුපියල් 24,000 ක්ව පැවති පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව රුපියල් 48,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.
පසුගිය වසරේ ජනවාරි මස 16 වනදා පැවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද යෝජනාවකට අනුව මෙම දීමනා ඉහළ නංවා ඇති බවයි නිකුත් කෙරුණු ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.