Gossips

ඉන්දියාව පාකිස්ථානයට තීරු බදු ඉහළ නංවයි

කාශ්මීරයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියෙන් පසු පාකිස්ථානයට ලබාදී තිබූ වෙළඳ ප්‍රමුඛතා තත්ත්වය ඉවත් කරගැනීමට ඉන්දියාව කටයුතු කර තිබෙනවා.
ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායම පාකිස්ථානය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වීම ඊට හේතුවයි.
මේ අනුව පාකිස්ථානයේ සිට ඉන්දියාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 200 ක තීරුබද්දක් ක්‍රියාත්මක වන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.