උතුරු පළාත, දකුණු පළාතේ පිලිකන්නක් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති සංවර්ධන සමාලෝචන රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ යුද්ධයෙන් පීඩාවට පත් භෞතික සම්පත් මෙන්ම ජනතාවගේ සිත් ද යළි යථා තත්ත්වයට පත් කිරීම සදහා සියලූ රාජ්‍ය නිලධාරින් කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.
මේ අතර, කන්කසන්තුරේ සිට තමිල්නාඩුව දක්වාත් තලෙයි මන්නාරමේ සිට තමිල්නාඩුව දක්වාත් නැවත නාවික ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මන්නාරමේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් කියා සිටියේ.