Gossips

සෞදි කුමරු තලේබාන් සංවිධානය හමුවීමට සැරසේ

සෞදියේ ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුගේ පාකිස්තාන සංචාරයේදී තලේබාන් නියෝජිතයින් හමුවීමට නියමිතව තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ වසර 17 ක් පුරාවට පවතින සිවිල් යුද්ධය අවසන් කිරීම එහි අරමුණයි.
පාකිස්තානයේ – ඉස්ලාමාබාද් අගනුවරදී මෙම හමුව සිදුවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ.
ඇෆ්ගනිස්ථානය තුළ පවතින මෙම යුධමය වාතාවරණය අවසන් කර සාමය ඇති කිරීම සඳහා පාකිස්තාන රජය මූලිකත්වය ගෙන කටයුතු කරනවා.