Gossips

නාවික සෙබලියක් දිවි හානිකරගනී

දක්ෂිණ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබලියක් ගෙළ වැළලාගෙන දිවි හානිකරගෙන තිබෙනවා.
ඌරගස්මංහන්දිය – මහවිල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී ඊයේ (15) පස්වරුවේ ඇය මෙලෙස දිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි නාවික සෙබලියක වන අතර, කඳවුරේදී ඇතිවූ ගැටළුවක් හේතුවෙන් තමා මෙලෙස දිවි හානිකරගන්නා බවට ඇය ලියූ ලිපියක් සොයාගත් බව පොලීසිය සඳහන් කළා.
ඇය පසුගිය 6 වනදා නිවාඩු ලබා නිවසට පැමිණ සිටි අතරතුරයි මෙලෙස දිවි හානිකරගෙන ඇත්තේ.