Gossips

ඉරානයත් පාකිස්ථානයට අනතුරු අගවයි

ඉරානයේ හමුදා සෙබළුන් 27 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා එල්ල වූ සටන්කාමීන්ගේ ප්‍රහාරය පිළිබඳව දැඩි පියවර ගන්නා ලෙසට ඉරාන රජය පාකිස්තානයට ප්‍රකාශ කර තිබෙනවා.
පාකිස්තානය විසින් එම සටන්කාමීන් පිළිබඳව දැඩි පියවරක් නොගතහොත් ඉරානය විසින් යුදමය ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පසුගියදා ඉරාන සෙබළුන් 27 දෙනෙකුට මරු කැඳවමින් ප්‍රහාරයක් එල්ල වූයේ ඉරාන සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේදීයි.
මෙම සටන්කාමීන් පාකිස්තානය තුළ සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.