Gossips

ඉන්දියාවට ආත්මාරක්ෂාව පිළිබඳ අයිතියක් ඇති බව ඇමරිකාව කියයි

ජම්මු – කාශ්මීරයේදී ඉන්දීය ආරක්ෂක හමුදා සාමාජිකයන් 40 කට වැඩි පිරිසක් ත්‍රස්ත ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියේදී ඉන්දියාවට ආත්මාරක්ෂාව උදෙසා ප්‍රතිචාර දැක්වීමේ අයිතියක් පවතින බව ඇමරිකාව පවසනවා.
එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් දුරකථන ඇමතුමක් ලබාදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් වෙත මේ බව ප්‍රකාශ කළේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
මේ අතර කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සෙබළුන්ගේ සිරුරු ගම්බිම් වෙත රැගෙන ඒමත් සමඟ ජනතාව සියදහස් ගණන් ඔවුන්ට බුහුමන් කිරීමට පැමිණෙන වාර්තාවනවා.
ප්‍රහාරය ඉන්දීය ක්‍රිකට් පිලේ නායක විරාට් කෝලි විසින්ද හෙළා දුටු අතර හෙට පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා සම්මාන තිලිණ ප්‍රදානයද කල්දැමූ බව කියා සිටියා.