Gossips

සන්ධාන මන්ත්‍රීවරුන් කථානායකට එරෙහිව තීරණයකට සැරසේ

ව්‍යවස්ථාදායක සභාවේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිවැරදි නොකිරීමට එහි සභාපතිවරයා ලෙස කථානායකවරයා මැදිහත් නොවීම නිසා ඔහුට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්වී ලබන සතියේ ඒ පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සිසිර ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ව්‍යවස්ථාදායක සභාව විසින් කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම ඇතුලු කරුණුවලදී බරපතල ගැටළු ඇති කරන බවද මන්ත්‍රිවරයා සඳහන් කළා.
මේ අතර ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුව පිළිබඳව බුද්ධිමය සංවාදයක නිරතවන්නැයි පැෆ්රල් සංවිධානය ඊට අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ව්‍යවස්ථාදායක සභාව දූෂිත ආයතනයක් බවට පත්ව ඇති බව එහි හිටපු සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළා.