Gossips

ඇමරිකාවේ වෙඩි තැබීමකින් පස්දෙනෙකු ජීවිතක්ෂයට

ඇමරිකාවේ චිකාගෝ නගරය ආශ්‍රිත කර්මාන්තශාලාවකට කඩාවැදුනු පුද්ගලයෙකු වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කර තිබෙනවා.
එහිදී පොලිස් නිලධාරීන් පස්දෙනෙකුද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ බවයි වාර්තාවන්නේ.
කර්මාන්තශාලාවේ හිටපු සේවකයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, 45 හැවිරිදි එම වෙඩික්කරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
මෙම සිද්ධිය වාර්තාවන්නේ ගිය වසරේ ආදරවන්තයන්ගේ දිනයේදී ෆ්ලොරිඩාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ පළමු වසර අනුස්මරණයෙන් දිනක් ගතවද්දියි.
එම සිද්ධියේදී උසස් පාසලක සිසුන් 14 දෙනෙකු එහි හිටපු ශිෂ්‍යයෙකුගේ වෙඩි පහරින් මරුමුවට පත්වුණා.