මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පලවල වාර්තාව තමන් වෙත ලැබුණු බව කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එහි අඩංගු කරුණු ලබන බදාදා දිනයේදී මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.
මන්නාරම සමූහ මිනීවලේ සිදුකරන ලද කැණීම්වලින් මේ වනවිට මිනිස් අස්ථි කොටස් 316 ක් හමුවී තිබෙනවා.
ඒවායෙන් 307 ක්ම මේ වනවිට ගොඩගෙන අවසන්.
එම අස්ථි කොටස් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර තිබෙනවා.
වෛද්‍ය ශමින්ද රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ අධිකරණය වෙත ඉදිරිපත් කරන තුරු අදාළ වාර්තාවේ අඩංගු කරුණු හෙළිදරව් කළ නොහැකි බවයි.