Gossips

හිත් පිත් නැති මිනිසුන්ගේ ක්‍රියාවකින් මියගිය දැවැන්ත දිවියා (ඡායාරූප)

හැටන්, දිඹුල පොලිස් වසමට අයත් ස්ටෝනික්ලිප් වතු යායේ, තේ වත්තේ සැරිසැරූ දැවැන්ත දිවියෙකු මන්දකට හසුවී මියගොස් තිබෙනවා.
කිසියම් පිරිසක් විසින් වල් ඌරන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසුවී අද (16) අලුයම් කාලයේ මෙම සත්වයා මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අඩි 4ක් පමණ දිගකින් යුක්ත වන මෙම දිවියා මන්දට හසුවීමෙන් අනතුරුව ඉන් මිදීමට කළ උත්සහයේදී මන්දේ සිරවීමෙන් මිය ගොස් ඇති බවයි වතු කම්කරුවන් කියා සිටියේ.
වන ජිවි නිලධාරින් පවසා සිටියේ මිය ගිය දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා උඩවලව පශු සම්පත් රෝහලේ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි.
පසුගිය කාලය තුල ස්ටොනික්ලිප් වතුයායේ විශාල වශයෙන් දිවියන් සැරිසැරිම හේතුවෙන් වන ජීවි නිලධාරින් තේ වත්තේ සැරිසැරු දිවියන් රක්ෂිත වලට පලවා හැරිමට විශාල මෙහෙයුමක්ද සිදුකරනු ලැබුවා.



ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ