Gossips

ණය වාරිකය ගැන තීරණයකට, මූල්‍ය අරමුදලේ පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 260ක ණය වාරික ලබාදීම පිළිබද තීන්දුවක් ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඔවුන් ලබන සඳුදා ශ්‍රී ලංකා මහබැංකුව, මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 105ක ණය පහසුකමක් අනුමත කළ අතර මේ වන විට ඉන් වාරික 4ක් ලබාදී ඇති බවයි.
5 වන ණය වාරිකය ඉකුත් නොවැම්බර් මාසයේදී ලබාදීමට නියමිතව තිබුණ ද ඔක්තෝම්බර් මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළියත් සමඟ එය අත්හිටුවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කළා.