Gossips

පළමු ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ සිව් වන දිනය අදයි
ඊයේ දිනයේදී තරඟය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 83ක් ලබා සිටියා.
එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 20කටත්, ලහිරු තිරිමාන්න ලකුණු 21කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා.
දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඔසද ප්‍රනාන්දු ලකුණු 28ක් සහ කුසල් ජනිත් පෙරේරා ලකුණු 12ක් රැස් කරගෙන සිටියා.
කඩුලු 07ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 221ක් රැස් කළ යුතුයි.