Gossips

ජනපති ට්‍රම්ප් දකුණු දේශසීමාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මෙක්සිකෝව හරහා පවතින ඇමරිකාවේ දකුණු දේශසීමාව ඔස්සේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
එමගින් දේශසීමාවේ දැවැන්ත පවුරක් ඉදිකිරීම සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව අරමුදල් වෙන් කර ගැනීමට ඔහුට හැකියාවක් ලැබෙනු ඇති.
කෙසේ නමුත්, විපක්ෂ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ මෙය ජනාධිපතිවරයා විසින් බලතල අයුතු ලෙස යොදා ගැනීමක් බවයි.