Gossips

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි ඉල්ලා කෑගල්ලේ උද්ඝෝෂණයක්

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි රජයට බල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කෑගල්ලේදී උද්ඝෝෂණයක් පැවැත්වුවා.
එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එහිදී ප්‍රකාශ කළේ උතුරුමැද සහ සබරගමුව පළාත්සභා හිටපු ප්‍රධාන අමාත්‍යවරු මැතිවරණය කල් දැමීමට එරෙහිව අධිකරණය හමුවට යන බවයි.
පළාත් සභා මැතිවරණය වහා පවත්වන්නැයි බල කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් එක්ව සිටියා.
ඔවුන් කෑගල්ල නගරයේ විරෝධතා පාගමනකද නිරත වුණා.