Gossips

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා, බුදු දහම නඟා සිටුවීමට සිදුකරන මෙහෙවර මහා සංඝ රත්නයේ ඇගයීමට පාත්‍රවෙයි

ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියට 29 වසරක් සපිරීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ උදෙසා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්වුණා.
එහිදී ධර්ම ප්‍රචාරය උදෙසා සිදුකරන මෙහෙවර වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාට උපහාර පිරිනැමුණා.
මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණේ මරදාන මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේදී.
විශ්වීය බෞද්ධ භික්ෂු සංගමයේ නිර්මාතෘ සහ ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ පැවිදි දිවියට 29 වසරක් සපිරීම නිමිත්තෙන් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 29 නමක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙහිදී සිදුවුණා.
මේ අතර පසුගියදා ජපානයේ සුකුබා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ජාත්‍යන්තර මහ සඟ සමුළුව ලොව පුරා ප්‍රචාරය කිරීමට දැක් වූ දායකත්වය සහ ලොව පුරා බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම සඳහා සිදුකරන මහඟු මෙහෙවර ඇගයීම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාට උපහාර පිරිනැමීමක්ද මෙහිදී සිදුවුණා.