Gossips

මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විපක්ෂ නායක හමුවෙයි

යෝජිත නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරණ ලෙස තමා රජයෙන් ඉල්ලා සිටියද ජනතාව රවටමින් රජය එය ඉදිරිපත් නොකර සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ඔහුව හමු වූ අවස්ථාවේදී.
මුස්ලිම් සිවිල් සංවිධාන 7 ක නියෝජිතයින් පිරිසක් අද පස්වරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුනේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී.
එහිදී ඔවුන් බෙදුම්වාදයට තුඩු දෙන ඊනියා 20 වන සංශෝධනයට එරෙහිව නමින් විපක්ෂනායවරයාට සංදේශයක් භාර දුන්නා.