Gossips

අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව අදත් පුත්තලමේ විරෝධතා

පුත්තලම – අරුවක්කාලූ කසල අංගනයට එරෙහිව අද පැවති විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
පුත්තලම නගරයේ විරෝධතාව පැවැත්වුණේ හර්තාල් ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක වන අතරතුරයි.
කසළ අංගනයට විරෝධය පළ කරමින් අද (15) උදෑසන සිට පුත්තලම නගරයේ සියළු වෙළඳසැල් වසා දමා තිබුණා.
පසුව ප්‍රදේශයේ සර්ව ආගමික නායකයින් මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් විරෝධතා පා ගමනක නිරත වූ අතර ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කිසිදු දේශපාලන නියෝජිතයෙකු එක්ව නොසිටීම ද විශේෂත්වයක්.
පුත්තලම නගරය වටා විරෝධතා පාගමනේ නිරතවීමෙන් පසු පිරිස ජන රැළියක් සංවිධාන කර තිබූ අතර, එහිදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අමාත්‍ය රාවුෆ් හකීම්ගේ නියෝජිතයින් අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.