Gossips

ජනපතිගේ රැළියකට, ජීව උණ්ඩ කොටසක් රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට

ග්‍රාමීය වශයෙන් ව්‍යාප්තව ඇති නිතීවිරෝධි මත්පැන් ජාවාරම මර්දනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරි සති දෙක තුළදී ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දෙහිඅත්තකණ්ඩිය – නුවරගල මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ අද (15) පෙරවරුවේ පැවැති 2018 මහවැලි ගොවි අභිෂේකය වෙනුවෙන් ත්‍යාග සහ සම්මාන ප්‍රදානය කිරිමේ උත්සවයට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කිරිපිටි සමාගම්වලට යටත් නොවිය යුතු බවයි.
මේ අතර, ජනාධිපතිවරයා සහභාගි වූ මෙම උත්සවයට ජීව උණ්ඩ කොටසක් රැගෙන පැමිණි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
අරලගංවිල – බෝගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු 50 හැවිරිදි අයෙකු බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
උත්සවයට පෙර සිදුකළ විශේෂ පරීක්ෂාවේදී මෙම ජීව උණ්ඩ කොටස සොයා ගත් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.