Gossips

හෙල්මටයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියෙකු අත්අඩංගුවට

මාතලේ – යටවත්ත ප්‍රදේශයේදී හෙල්මටයකින් පහරදී සිය බිරිද ඝාතනය කළ සැමියෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 3 වනදා ඇය නිවසේ ඇද වැටී තුවාල වූ බව පවසමින් මාතලේ – යටවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර මහරෝහලට මාරු කර යැවීමෙන් පසු පෙරේදා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
අසාධ්‍ය තත්ත්වයේ සිටියදී ඇයට සැත්කමක් කළ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ ඇද වැටීමකින් නොව තදබල පහරදීමකින් ඇයගේ සුෂුම්නාව ප්‍රදේශයට බරපතල හානි සිදුව ඇති බවයි.
ඉන් අනතුරුව මියගිය කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී බිරිදට යතුරුපැදි හිස්වැසුමකින් පහරදුන් බව අනාවරණ වී තිබෙනවා.
ඒ අනුවයි, අද අලූයම සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.