Gossips

සෙල්ල කතරගමදී විදුලිසැර වැදීමෙන් වන අලියෙක් මරුට

සෙල්ල කතරගම පුංචි දඹේ ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු මියගොස් තිබෙනවා.
විදුලි කම්බි යොදා ආරක්ෂා කර තිබු කෙසෙල් වගාවකට පැමිණි වන අලියෙකුට මෙලෙස විදුලිසැර වැදී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මියගිය වන අලියාගේ වයස අවුරුදු 22 ක් පමණ වනවා.
මෙම ප්‍රදේශයේ කෙසෙල් වගාවන් විශාල වශයෙන් සිදුකර ඇති අතර වන අලින් විසින් දිනපතා එම වගාවන් විනාශ කිරීම හේතුවෙන් දැඩි අලාභ හානියක් සිදුවන බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.
ලුණුගම්වෙහෙර වනජීවී නිලධාරීන් මෙම වන අලියාගේ මරණය පිළිබඳ පරීක්ෂණ සිදු කරනවා.