Gossips

සබරගමුව සරසවියේ සිසුන් 54 දෙනෙකුට පන්ති තහනමක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ සිසුන් 54 දෙනෙකුට සතියක පන්ති තහනමක් පනවා තිබෙනවා.
එහි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවක වදය ලබාදීමේ සිද්ධියකට අදාළව මෙම පන්ති තහනම ක්‍රියාත්මක කළ බවයි.
පළමු වසරේ සිසුන් පෙරේදා දිනයේ දේශනවලට සහභාගි වීමේදී ඔවුන්ට බාධා කළ බවට තමන් වෙත ලද පැමිණිලිවලට අනුව මෙම තීරණය ගත් බවද උපකුලපතිවරයා සඳහන් කළා.
මෙලෙස පන්ති තහනම පැනවුණු පිරිස අතර සිසුවියන් පිරිසක්ද සිටින බවයි උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත වැඩිදුරටත් කියා සිටියේ.