Gossips

ඉදිරි වසර 3 තුලදී කන්කසන්තුරේ වරාය නවීකරණය කෙරේ

ඉදිරි වසර 3 ක කාලය ඇතුළත කන්කසන්තුරේ වරායට සාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන නැව් පැමිණිය හැකි ආකාරයට නවීකරණය කරන බව වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එම වරායේ සීමිත මෙහෙයුම් කටයුතු පමණක් මේ වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන අතර, නව වැඩපිළිවෙල යටතේ ආනයන සහ අපනයන යන දෙඅංශයම ශක්තිමත් වනු ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
එහිදී වරායේ දියකඩනය සම්පූර්ණයෙන්ම අලූතින් ඉදිකිරීමට නියමිතව ඇති අතර, භාණ්ඩ ප්‍රවාහන නැව් වලට ගමන් කළ හැකි පරිදි එහි ගැඹුර මීටර් 8 දක්වා වැඩි කිරීම ද සිදුවනු ඇති.