Gossips

කාශ්මීරයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඉන්දීය සෙබලුන් 40 දෙනෙකු මරුට

සිරිනගර්වලට ආසන්න ජම්මුකාශ්මීර් දේශ සීමාවේ ඉන්දීය හමුදා භට පිරිසක් ඉලක්ක කරගෙන සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෙබලුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
හමුදා සෙබලුන් 2500 ක් පමණ රැගත් ට්‍රස් සහ බස් රථ පෙළක ගමන් කළ එක් රථයක් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
මරාගෙන මැරෙන බෝම්බකරු මෝටර් රථයක ඇටවූ කිලෝග්‍රෑම් 300 ත්, 350 ත් අතර ප්‍රමාණයේ බෝම්බයක් ප්‍රහාරය සඳහා යොදා ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම ප්‍රදේශය ඉන්දීය රජය විසින් පාලනය කරන අතර ප්‍රහාරයේ වගකීම ජායි ඉ මොහොමඞ් නමැති ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය භාර ගෙන තිබෙනවා.