Gossips

කඹුරුපිටියේ නිවසක නිදා සිටි මවකට සහ දියණියකට ඇසිඩ් ප්‍රහාරයක්

කඹුරුපිටිය – බෝලගෙවත්ත – රත් කැකුලාව ප්‍රදේශයේ නිවසක නිදා සිටි කාන්තාවකට සහ ඇයගේ දියණියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඊයේ රාත්‍රි 10 යි 30 ට පමණ එල්ල වුණු මෙම ඇසිඩ් ප්‍රහාරයෙන් 39 හැවිරිදි කාන්තාව මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. තුවාල ලැබූ දැරිය කඹුරුපිටිය – ආඳපාන රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ දැරිය පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර ඇත්තේ මවගෙන් වෙන්ව සිටින සිය පියා තවත් පුද්ගලයෙකු සමඟ පැමිණ මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවයි.