Gossips

ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියා නිසා සමස්ත රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටිලා – විපක්ෂ නායක

ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ත රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්ව ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ අද දින විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති රැස්වීමකදී.
මේ අතර එළිය සංවිධානයේ නව කාර්යාලය විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කිරුළපනදී විවෘත කෙරුණු අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ මොහොතින් එහි රාජකාරි ආරම්භ කළා.
මේම අවස්ථාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.