Gossips

හෙරොයින් අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයෙක් ගිනි අවිය ක්‍රියාත්මක වී රෝහලේ

කඩවත නගරයේදී හෙරොයින් ළග තබා ගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමක් අතරතුර, සිදුවූ පොර බැදීමකදී, රාජකාරි ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.
ඔහු මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
හෙරොයින් ළග තබාගෙන සිටි අදාළ සැකකරු පසුව අත්අඩංගුවට ගැනීමට ද පොලීසිය සමත්වී තිබෙනවා.
අද පස්වරුවේ සිදුවූ මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ කඩවත පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.