Gossips

චතුරිකා පීරිස් යුග දිවියට එළඹීමට සැරසෙයි – Pre Shoot එකේ ෆොටෝ එළියට

රංගන ශිල්පීන් දෙපළක් වන ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරීස් පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කතා පළවුනා.
මේ කතා අතරතුරම ඔවුන්‌‌ගේ ආදර කතාව තව තවත් ශක්තිමත් වුණා.
චතුරිකා පීරිස් කියන්නේ මෙරට පුංචි තිරය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය තාරකාවක්.
ඇය වසර කිහිපයකදීම ජනප්‍රියම රංගන ශිල්පිනිය ලෙස සම්මාන දිනා ඇත්තේද ඒ නිසාමයි.
චතුරිකා අද වන විට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසත් කටයුතු කරනවා.
ඒ වගේම ගයාන් වික්‍රමතිලක. පුංචි තිරයේ ප්‍රේමාන්විතයාත් දුෂ්ඨයාත් ඔහුයි.. නිරන්තරයෙන්ම දකින්න ලැබුණත් එසේ ඔහුව දකින්න ලැබෙන්නේ විවිධ චරිත ඔස්සේයි.
ඔහුගේ රංගන හැකියාවට බොහෝ දෙනා ආදරේ කරන්නේ ඒ නිසයි. ඔහු මේ දිනවල හිරු TV තුළින් සතියේ දින පහේම විකාශය වන ශ්‍රී සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේද රංගනයෙන් දායක වනවා.
මේ කතා ලඟදීම ඔවුන් විවාහ වීමටත් සූදානම් බව දැනගන්නට ලැබුණා.
කෙසේ වෙතත් ගයාන් – චතුරිකා විවාහයට පෙර ගත් Wedding Pre Shoot ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.
මෙම ඡායාරූප සිය කැමරා කාචයට හසුකරගෙන ඇත්තේ Dark Room ඡායාරූප ශීල්පීන් විසිනුයි.