Gossips

නීති විරෝධීව ආනයනය කළ විදෙස් මත්පැන් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද විදේශීය මත්පැන් බෝතල් සියයක පමණ ප්‍රමාණයක් සමග මූදුකටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාරවිල මූදුකටුව ප්‍රදේශයේ සිදුකළ විමර්ශණයකදීයි සැකකරු සහ මත්පැන් බෝතල් තොගය සොයාගෙන ඇත්තේ.
45 හැවිරිදි සැකකරු වසර 16 ක පමණ කාලයක සිට ඉතාලියේ ස්ථිරව පදිංචිව සිටින අතර නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තීරුබදු ගෙවීමකින් තොරව මත්පැන් ආනයනය කර තොග වශයෙන් අලෙවි කර ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මෙට්ට තුල සගවා මත්පැන් තොගය අලෙවියට සූදානම් කර තිබී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.