Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු නිදහස් කුසලාන තරඟාවලියට එක්වීම අවිනිශ්චිත තත්වයක

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පන්දුවාර 20-20 තුන්කොන් තරඟාවලිය ලබන 06 වනදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සහ පන්දුවාර 20 නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිත තත්වයක පවතින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇන්ජලෝ මැතිව්ස්‌ගේ සහ කුසල් පෙරේරාගේ ආබාධ තත්වයන් තවමත් සුව නොවී තිබීම මීට හේතුවනවා.
අබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට මෙම තරඟාවලිය අහිමිවී යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කළා.
මේ අතර මෙම තරඟාවලියේ දී ඉන්දීය කණ්‌ඩායමේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම විවේක ගන්වා තිබෙනවා.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට තරඟාවලිය ජය ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ පවතින බවයි ක්‍රිකට් විචාරකයින් පවසනේ.
ඒ අනුව මෙම තරඟාවලිය සඳහා හොඳම විස්‌සයි විස්‌ස සංයුතිය ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කිරීමට තේරීම් කමිටුව ඇතුළු කළමනාකාරීත්වය බලාපොරොත්තුවෙන් පසුවෙන බව සඳහන්.
මේ අතර නිදහස් කුසලාන තරඟාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය ඊයේ (26) නම් කරනු ලැබුවා.
රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් සමන්විත මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 ක් ඇතුළත්.
ඉන්දීය සංචිතය පහතින්.
Rohit Sharma (Captain), Shikhar Dhawan (vice-captain), KL Rahul, Suresh Raina, Manish Pandey, Dinesh Karthik (wk), Deepak Hooda, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Vijay Shankar, Shardul Thakur, Jaydev Unadkat, Mohammad Siraj, Rishabh Pant (wk)