Gossips

මංගල තරගයේදී සුපිරි ඉනිමක් ගොඩනගන්න පිටියට ආපු ඔසඳ, විනිසුරු හරවා යවයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව ක් දැවී ලකුණු ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.
කෙසේ වෙතත් තරඟය අතරතුරදී සිදුවූ දැවී යාමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙලෙස අවධානය යොමුව ඇත්තේ ඔසඳ ප්‍රනාන්දුගේ දැවී යාම වෙතයි.
තරඟයේ 18 වන පන්දුවාරයේ 2වන පන්දුවේදී ඩේල් ස්ටේන් යොමුකළ පන්දුවක් ඔසඳගේ පා ආවරණයේ වැදීමත් සමඟ විනිසුරුගෙන් ඉල්ලීමක් සිදුකරනවා.
එහිදී විනිසුරු අලීම් ඩාර් විසින් ඔහු දැවීගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරනවා.
එම අවස්ථාවේ නවක පිතිකරු ඔසඳ සිය අනෙක් අන්තයේ ක්‍රීඩාකරමින් සිටි නායක දිමුත් කරුණාරත්නගෙන් එය දැවී යාමක් දැයි විමසනවා.
පසුව නායක දිමුත් එම විනිසුරු තීරණය අභියෝගයට ලක්කිරීමට තීරණය නොකිරීමත් සමඟ ඔසඳට ක්‍රීඩාගාරය වෙත ගමන්කිරීමට සිදුවන්නේ මංගල ඉනිමේ ලකුණු 19කින් පමණක් සෑහීමකට පත්වෙමින්.
කෙසේ වෙතත් එම දැවී යාමේ පුනරූපණ වලට අනුව DRS පරීක්ෂා කිරීම් හි සටහන් වන්නේ ඔහුගේ පා ආවරණයේ වදින පන්දුව පා ඉන්නෙන් පිටතට ඇදී යන ආකාරයයි.
මෙම සිදුවීමත් සමඟ විනිසුරු අලීම් ඩාර් විසින් මෙම තරඟයේ කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවාසිදායක තීන්දු දෙකක් ලබා දී තිබෙනවා.
ඉන් ප්‍රථම අවස්ථාව වන්නේ ඊයේ දිනයේ සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා පිතිකරු හෂීම් අම්ලාගේ පා ආවරණයේ පන්දුව වැදුණු අවස්ථාවයි.
එහිදී හෂීම් අම්ලා ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබුණත් විනිසුරු අලීම් ඩාර් ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස සංඥා කළා.
එම තීරණය නැවත සලකා බැලීම සඳහා තෙවන විනිසුරුට යොමු කිරීමට ශ්‍රී ලංකාව තීරණය කළ නමුත් විනිසුරු ඩාර් පැවසුවේ ඒ සඳහා ලැබෙන තත්ත්පර
15 ක කාලය අවසන් බවයි.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න එම තීරණය තත්ත්පර 13ක් තුළ ප්‍රකාශ කරන බවත් එම තීරණය තෙවන විනිසුරු වෙත යොමු වූවා නම් අම්ලා දැවී ගිය
ක්‍රීඩකයෙකු ලෙස සංඥා කෙරෙන බවත් රූපවාහිනී පුනරූපන මගින් පසුව තහවුරු කෙරුණා.
එම අවස්ථාවේ විනිසුරුගේ වරදින් ජීවය ලද අම්ලාට රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 3ක් පමණයි.