Gossips

හෝර්ටන් තැන්නේ මැණික් ගැරූ 5 දෙනෙකුට ලක්ෂ 8 ක දඩයක්

හෝර්ටන් තැන්න රක්ෂිතයේ මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට අයත් කිරිමැටි ඔය ප්‍රදේශයේ නීති විරෝධීව මැණික් ගරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ උද්‍යාන භාර නිලධාරීන් විසින්.
ඒ දින දෙකක් පුරා සිදු කළ වැටලීමකදීයි.
සැකකරුවන් බලංගොඩ, පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවල පදිංචිකරුවන්.
මෙම පුද්ගලයන් නුවරළිය මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් එක්ලක්ෂ හැටදහස බැගින් පුද්ගලයන් 5 දෙනාට ලක්ෂ 8 ක දඩ මුදලක් නියමකර තිබෙනවා.
ඊට අමතරව රුපියල් ලක්ෂ 5 ක ශරිර ඇප මත සැකකරුවන් නිදහස් කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම හෝර්ටන් තැන්න ජාතික උද්‍යාන භූමියේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන්ට මෙතෙක් නියම කළ විශාලතම දඩ මුදල මෙය බව ද සඳහන්.