ප්‍රකාශයක් ලබාදීම සඳහා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව වෙත පැමිණියා.
පෙරවරු 9.30 ට පැමිණි අමාත්‍යවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාගත් බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස් පෙරේදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.
ඒ, ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙස එම කොමිසම සිදුකළ දැනුම්දීමකට අනුවයි.
එහිදී ඔහුගෙන් පැය තුනක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.