Gossips

පොලිතින් ප්ලාස්ටික් පිළිස්සීමෙන් දික්ඔය ජනතාව අපහසුතාවක

පොලිතින්, ප්ලාස්ටික් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය නගර මධ්‍යයේ ගොඩගසා ගිනි තැබීමට හැටන් – දික්ඔය නගර සභාව කටයුතු කිරීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව හැටන් නගරවාසීන් පවසනවා.
නගර සභාව මෙම කසළ ගිනි තැබීම කාලයක පටන් සිදුකරන අතර, ඉන් පිටවන දුමාරය හේතුවෙන් ශ්වසන අපහසුතා පවා ඇති වන බවයි ඔවුන් කියා සිටියේ.
හැටන් නගර මධ්‍යයේ තරු චතුරශ්‍රය නම් ස්ථානයේ දිනකට විශාල නොදිරන අපද්‍රව්‍ය ප්‍රමාණයක් ගිනි තැබීම සිදු කෙරෙන බවද හැටන් ප්‍රදේශවාසීන් සඳහන් කළා.
මෙම ගැටළුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හැටන් – දික්ඔය නගර සභාවේ සභාපති ඩයන් බාලචන්ද්‍රන්ගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන පරිසර ගැටළුව පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඊට විසඳුමක් ලබාදිය හැකි බවයි.