Gossips

ශ්‍රී ලංකාව කඩුලු එකක් දැවී ලකුණු 49 යි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය ඊයේ නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 49 ක් ලබා සිටියා.
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සිය පළමු ඉනිම සඳහා සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 235 ක් පමණයි.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ ආරම්භ වුණා.
තරඟය පැවැත්වෙන්නේ ඩර්බන් නුවර කිංග් ස්මීඩ් ක්‍රීඩාංගණයේදී.
සිය පළමු කාසියේ වාසිය දිනාගත් නව නායක දිමුත් කරුණාරත්න පන්දු යැවීම තෝරා ගත්තා.
ශ්‍රී ලංකාව අද තරගයට එක්වුණේ ඕෂධ ප්‍රනාන්දු සහ ලසිත් ඇඹුල්දෙනිය හට ටෙස්ට් වරම් ලබා දෙමින්.
දකුණු අප්‍රිකා ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමට මත්තෙන් ඩීන් එල්ගර් දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි.
හෂීම් අම්ලා ද ලකුණු ලබා ගැනීමට පෙර ක්‍රීඩාගාරයට හරවා යැවීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට ලැබුණත් විනිසුරු අලීම් ඩාර් ඔහු නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස සංඥා කළා.
එම තීරණය නැවත සලකා බැලීම සඳහා තෙවන විනිසුරුට යොමු කිරීමට ශ්‍රී ලංකාව තීරණය කළ නමුත් විනිසුරු ඩාර් පැවසුවේ ඒ සඳහා ලැබෙන තත්ත්පර
15 ක කාලය අවසන් බවයි.
කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න එම තීරණය තත්ත්පර 13ක් තුළ ප්‍රකාශ කරන බවත් එම තීරණය තෙවන විනිසුරු වෙත යොමු වූවා නම් අම්ලා දැවී ගිය
ක්‍රීඩකයෙකු ලෙස සංඥා කෙරෙන බවත් රූපවාහිනී පුනරූපන මගින් පසුව තහවුරු කෙරුණා.
විනිසුරුගේ වරදින් ජීවය ලද අම්ලාට රැස් කර ගැනීමට හැකිවුණේ ලකුණු 3ක් පමණයි.
ඒඩන් මාක්රම් ලකුණු 11කට දැවී ගියා.
ලකුණු 17කට කඩුලු 3ක් දැවී තිබූ මොහොතක නායක ඩුප්ලේසී සහ බවූමා ගොඩනැගූ සබඳතාව ලකුණු 72ක්.
ඩුප්ලේසී ලකුණු 35 ක් රැස් කළ අතර අවාසනාවන්ත ලෙස දුවද්දී දවීයාමකට හසු වන විට බවූමා ලකුණු 47 ක් ලබා සිටියා.
වර්නන් ෆිලැන්ඩර් ලකුණු 4යි.
ක්වින්ටන් ඩි කොක් සමග ලකුණු 47ක සබඳතාවක් ගොඩනැගූ කේෂව් මහරාජ් ලකුණු 29 ක් ලබා ගත්තා.
ඩේල් ස්ටෙයින් ලකුණු 15 කට දැවී ගියේ ලසිත් ඇඹුල්දෙනිය ගේ මංගල ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්.
දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 235ක් රැස් කළා.
ක්වින්ටන් ඩිකොක් ලකුණු80 යි.
පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක් දවා ගත්තා.
තරඟයේ පළමු දිනයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrn
rnrnrnrn
rnrnrnrnrnrnrnrn
rnrnrnrnrnrnrnrn
rnrnrnrn