Gossips

ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා සහ වසාවාසි ආනයනය අත්හිටුවයි

ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා සහ වසාවාසි ආනයනය අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබෙනවා.
දේශීය කුළු බඩු කර්මාන්තයට බලපා ඇති ගැටළු පිළිබඳ සළකා බැලීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ගම්මිරිස්, කුරුඳු, සාදික්කා සහ වසාවාසි මෙරටට ආනයනය කර ශ්‍රී ලාංකික නිෂ්පාදන ලෙස ඉන්දියාවට සහ පාකිස්ථානයට ප්‍රති නැව්ගත කිරීමද ඉදිරියේදී තහනම් වනු ඇති.
පසුගිය කාලසීමාව තුළ මෙලෙස කරුංකා සහ ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමක් පිළිබඳවද කථාබහට ලක්වුණා.