Gossips

ආබාධිත තත්ත්වය ගැන නොසිතන පොළොන්නරුවේ හිරුශාන්

මේ ලෝකේ ජිවත්වන සියලු දෙනාටම දෛවය සලකන්නේ එකම විදිහට නෙවෙයි.
දෛවය තමන්ට කොහොම සරදම් කළත් සතුටින් අකුරුකරන පුංචි පුතෙක් පිළිබඳ අපට වාර්තා වුණේ පොලොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන්.
ඔහු අධ්‍යාපනය ලබන්නේ පෙළොන්නරුව වැලිකන්ද සදුන්පිටිය ප්‍රථමික විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ.
උපතින්ම දෑත දෙපා ආබාධිත වූ පුංචි හිරුශාන්ට අධ්‍යාපනය සහ ක්‍රීඩාව සදහා නම් ඇත්තේ අපමණ ඇල්මක්.
උපතින්ම දෛවයේ සරදමකට ලක් වූ මේ පුංචි පුතු හිරුශාන් තම ආබාධිත තත්ත්වය තඹයකටවත් මායිම් නොකොට පාසලේ අනිත් යහළු යෙහෙලියන් සමගින් හරි හරියට කෙළිදෙලෙන් කාලය ගෙවන ආකාරය දකින කාගේත් නෙත් සිත් මොහොතකට හෝ ඔහු සොරා ගනු නොඅනුමානයි.