Gossips

අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙක් මරුට

අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ වෙල් යායකදී වන අලියෙකු මියගොස් තිබෙනවා.
මියගිය වන අලියාගේ වයස අවුරුදු 20 ක් 25 ක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධියට අදාළව වෙල් යායේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදුලි රැහැනේ ගැටීමෙන් අලියා මියයාමෙන් පසු සැකකරු රහසිගතව අලියා ගිනි තබා පුළුස්සා දැමීමට සූදානම් වී ඇතැයි ද හෙළිවී තිබෙනවා.