Gossips

ETI ගණුදෙනුව ගැන පරික්ෂණ ඇරඹේ – තැන්පත්කරුවන් සී.අයී.ඩී යට

ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, ඊ.ටී.අයි. තැන්පතුකරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ නියෝජිතයින් කිහිපදෙනෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ.
මීට පෙර තැන්පත්කරුවන්ගේ සංගමය අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර ඒ අනුවයි අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔවුන් කැඳවා තිබුණේ.
ඊ.ටී.අයි. ගණුදෙනුවට අදාළව එහි අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට මීට පෙර කැඳවා තිබුණා.