Gossips

වන අලි පහරදීමකින් සයදරු පියෙක් මරුට

තිස්සමහාරාම වැලිගත්ත ප්‍රදේශයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
අද උදෑසන දර කැඩීම සඳහා තම බිරිඳ සහ තවත් පිරිසක් සමග බූන්දල වනෝද්‍යානය ආසන්නයේ කැලෑවකට ගොස් සිටියදීයි ඔහු වන අලි ප්‍රහාරයට ලක්වී ඇත්තේ.
අනෙක් පිරිස දිවගොස් දිවි බේරාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි සයදරු පියෙක්.